අස්වැසුම
වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මඟින් ඔබට ලබා ගතහැකි සේවාවන්
- වැඩිහිටි හැඳුනුම්පත සකස් කිරීම
වයස අවුරුදු 60 සම්පූර්ණ වියයුතුය.
අවශ්‍ය දේ:-
- ඉල්ලුම්පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා ග්‍රාම නිලධාරීන්ගෙන් ලබාගත හැකිය.
- සෙ. මි. 2.2*3.3 (මුද්දර ප්‍රමාණයේ) කළු සුදු / වර්ණ ජායාරූප 02ක්.
- වයස සනාථ කිරීමේ ලියවිල්ලක් ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කල යුතුය.
- ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව ඉල්ලුම්පත සමාජ සේවා අංශයට ඉදිරිපත් කළ යුතුය.
- වැඩිහිටි සමිති ලියාපදිංචි කිරීම
එක් ග්‍රාමසේවා වසමකට එක් සමිතියකි.
අවශ්‍ය දේ:-
- ඉල්ලුම්පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය.
- ග්‍රාමීය වැඩිහිටි සංවිධානයේ ව්‍යවස්ථාවේ පිටපතක්.
- ගිණුම් වාර්තාවේ පිටපතක්.(ඉකුත් වර්ෂයේ විගණනය කරන ලද ගිණුම් තොරතුරු)
- පවත්නා වර්ෂය සඳහා සංවිධානයේ යෝජිත වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව.
- සංවිධානයේ අවසන් වාර්ෂික මහා සභා රැස්වීමේ වාර්තා පිටපත.
- ග්‍රාම නිලධාරී හා සමාජ සේවා නිලධාරි හෝ සමාජ සංවර්ධන සහකාර නිර්දේශය සහිතව ඉල්ලුම්පත සමාජ සේවා අංශයට යොමු කළ යුතුය.
- අඩු ආදායමිලාභී වැඩිහිටි පවුල් වලට මාසික දිමනාව ලබා දීම
- වයස අවුරුදු 70 සම්පූර්ණ විය යුතුය.
- ඉහළ ආදායමි හෝ රාජ්‍ය සේවයේ නියුතු දරුවන් සමග එකම ගෘහයේ වාසය කරන හෝ වෙන් වෙන්ව සිටින වැඩිහිටි දෙමාපියන් හට මෙම දීමනාව ලබා නොදෙයි.
- ස්වාමි භාර්යා දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් හිමි වෙයි.
- මාසිකව රු. 2,000.00 ක දීමනාවක් ලබාදෙන අතර , වැඩිහිටි සුබසාධනය වෙනුවෙන් රු. 100.00 ක මුදලක් වෙන් කර ඉතිරිය ප්‍රතිලාභීන් වෙත ලබා දෙයි.
- ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත අයදුමි පත්‍රය ප්‍රාදේශීය ලේකමි කාර්යාලයට භාර දිය යුතුය.
අදාල ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ලකුණු ලබා දී කමිටු නිර්දේශ මත පොරොත්තු ලේඛණගත කිරීම සිදු කෙරේ.
- දීමනාලාභියා මියගිය විට කාලත්‍රයාට අවුරුදු 70 ඉක්මවා ඇත්නමි එම දීමනාවට ඔහු හෝ ඇය හිමිකමි කියයි.
- වැඩිහිටි නිවාස වල (සමාජ සේවා දෙපාර්තමෙන්තුවෙහි හෝ වැඩිහිටි මහලේකමි කාර්යාලයේ ලියාපදිංචි) සිටින වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් වෙනුවෙන් එම පාලක සභාවට හිමි වෙයි.
- අදාල තැපැල් කාර්යාලය මගින් මෙම දීමනාව මාසයේ 15 දින සිට වැඩ කරන දින 07ක් තුල ලබා ගත හැක.
- අක්ෂි කාච ලබා දීම
- වයස අවුරුදු 60 සමිපූර්ණ වූ මාසික ආදායම රු. 5,000.00 ට අඩු අයෙකු විය යුතුය.
- ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් අදාළ අයදුමිපත ලබාගෙන, නිසි පරිදි පුරවා වෛද්‍ය නිර්දේශය හා ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව ඉදිරිපත් කළ යුතුය. (අක්ෂි කාචයේ ප්‍රමාණය (මිම්ම) නිවැරදිව සටහන් කළ යුතුය.)
- වැඞිහිටි ප්‍රවර්ධන නිලධාරි / සමාජ සේවා නිලධාරි නිර්දේශය හා ප්‍රාදේශීය ලේකමිගේ අනුමැතිය මෙය සදහා අවශ්‍ය වෙයි.
- ප්‍රාදේශිය වැඩිහිටි බල මණ්ඩලය
- එක් එක් වසමි වල වැඩිහිටි සමිති එකතු වීමෙන් වැඩිහිටි බල මණ්ඩලය සෑදේ.
- මාස 03 කට වරක් රැස්වෙයි. (ප්‍රතිපාදන එක් වරක් පමණක් රු. 7,500.00 ක් ලබා දෙයි.)
- නඩත්තු මණ්ඩල
- දරුවන් නොසළකන හෝ තනිව යැපීමට නොහැකි වැඩිහිටි දෙමාපියන් හට එක් දරුවෙකුට හෝ දරුවන් කිහිප දෙනෙකුට එක්වර හෝ මාසිකව යමි මුදලක් තමාට ගෙවීමට නියම කරන ලෙස නඩත්තු මණ්ඩලය වෙතින් ඉල්ලීමි කළ හැකිය.
- අයදුමිපත්‍රය ප්‍රාදේශීය ලේකමි කාර්යාලයෙන් ලබා ගෙන නිසි පරිදි සම්පූර්ණ කර දරුවන් වග උත්තරකරුවන් කර ලියාපදිංචි තැපෑලෙන් වැඩිහිටි තැනැත්තන් සදහා වූ නඩත්තු මණ්ඩලය, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය, දෙවන මහල D අදියර, සෙත්සිරිපාය, බත්තරමුල්ල වෙත එවිය යුතුය. (වගඋත්තරකරුවන් අතරින් කෙනෙකු මියගිය විට අනෙක් සාමාජිකයින් සදහා වගකීම නොපැවරෙන නමුත් එසේ පවරන ලෙස අයදුමිකරුට ඉල්ලීමි කළ හැක.)
- අයදුමිකරු මියයන තෙක් නඩත්තු ප්රදානය සිදු වෙයි.
පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරී මඟින් ඔබට ලබා ගත හැකි සේවාවන්
- ගැබිනි මාතාවන් සඳහා පෝෂණ වවුචර් ලබාදීම
- වවුචර් වටිනාකම රු. 20,000.00 ක් වේ. (රු. 2,000.00 ක් මාස 10ක් දක්වා)
- අයදුම්පත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී හරහා ලබාගත හැකිය.
- අයඳුම්පත සමඟ ගර්භනී සටහන් පතෙහි සහතික කළ ජායා පිටපතක් ඇමිණිය යුතුය.
- ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී නිර්දේශය
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිර්දේශය
- වවුචර් ලබාගැනීමට ගැබිණි මව හෝ නම් කරන ලද නියෝජිතයෙකු පැමිණිය යුතුය.
- පෙර පාසල් දරුවන්, දෙමාපියන් සහ පෙර පාසල් ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම
සමාජ සේවා නිලධාරී මඟින් ඔබට ලබා ගතහැකි සේවාවන්
- රෝගාධාර ලබාගැනීම
මේ සඳහා ,
- ක්ෂය රෝගය / ලාඳුරු රෝගය / තැලසීමියා හෝ පිළිකා රෝගවලින් පෙළෙන්නන් සඳහා ද,
- ඇතැම් දිස්ත්රික්හී වකුගඩු රෝගීන් සඳහා ද,
- මාසික ආදායම රු. 3,000.00ට අඩු ආදායම්ලාභී පවුල් සඳහා ද අයදුමි කළ හැක.
අවශ්‍ය දේ,
- අයදුම්පත ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය.
- ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත අදාල රජයේ රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තාව (රෝගියාට ආධාර ලබාදිය යුතු කාලය වෛද්‍යවරයා විසින් සඳහන් කළයුතුය)
















