කොට්ඨාශයේ සංවර්ධන අවශ්‍යතාවය වෙනුවෙන් හදුනාගත් පොදු ගැටළු
|
1. අම්බලන්ගොඩ නගරයේ කාණු පද්ධතිය අක්‍රමවත් වීම හේතුවෙන් ජලය නිසි පරිදි බැස නොයාම. පොදු කාණු පද්ධතිවලට නිවාසවලින්, ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්ත ශාලාවලින් එකතු වන අප ජලය බැහැර කිරීම. ඒ හේතුවෙන් නගරයේ කාණු පද්ධතිවල නිරන්තරයෙන් ජලය රැදී පැවතීම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට දැඩිව බලපා ඇත. 2. අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන මාර්ග පුළුල් නොවීම හේතුවෙන් ඇති වන වාහන තදබදය. 3. අම්බලන්ගොඩ ප්‍රධාන පොදු වෙළද පොල අබලන් වීම. 4. අම්බලන්ගොඩ නගර ශාලාව හා නගර සභා ගොඩනැගිල්ල අබලන් වීම. 5. කොට්ඨාශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා ප්‍රමාණවත් ඉඩම් නොමැති වීම. 6. පානීය ජල වඅවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි විශාල ප්‍රජාවක් සිටින නමුත් ඒ සදහා අවශ්‍ය ජලනල දීර්ඝ කිරීම් සිදු නොවීම සහ ජල සම්බන්ධතා ලබා දීම සදහා වන ජල පීඩනය ප්‍රමාණවත් නොවීම. 7. සුනාමි නිවාස යෝජනා ක්‍රමවල නිවාස ඔප්පු සකස් කිරීමට ඇති බාධා. 8. කොට්ඨාශයේ ප්‍රධාන මාර්ග දෙපස නිසි පරිදි එළි නොකිරීම( මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග හැර) 9. පාසැල් ප්‍රවාහන බස් රථ නැවැත්වීම සදහා නිශ්චිත ස්ථාන නොමැති වීම. 10. අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම. |















