සමෘද්ධි බැංකු සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සදහා
සුදුසුකම්:-
- සමෘද්ධිලාභියෙකු හෝ අඩු ආදායම්ලාභියෙකු වීම.
(සමෘද්ධි දීමනා පත්‍රය අනිවාර්ය නොවේ)
- බැංකු සංගමයේ රු. 500ක කොටස් මුදලක් තැන්පත් කළ යුතුය.
( මෙම මුදල කොටස් වශයෙන් ද තැන්පත් කළ හැක)
සමෘද්ධි බැංකු සංගමයෙන් ඔබට හඳුන්වාදෙන ගිණුම් වර්ග
- සිසුරක ඉතුරුම් ගිණුම (පාසල් ළමුන් සඳහා)
- කැකුළු තැන්පතු ගිණුම (ළමුන් සඳහා)
- දිරිය මාතා තැන්පතු ගිණුම
- සාමාජික නොවන තැන්පතු ගිණුම
- කණ්ඩායම් තැන්පතු ගිණුම
- සාමාජික කොටස් ගිණුම
- සාමාජික තැන්පතු ගිණුම
මෙම ගිණුම් සඳහා ආකර්ශනීය පොලියක් ලබාදීමට කටයුතු යොදා ඇත.
අපෙන් හඳුන්වාදෙනු ලබන ණය
( මෙම පොලී අනුපාතයට කිසිදු ආයතනයකින් ණය ලබාගත නොහැක)
- ජීවනෝපාය සංවර්ධන ණය - පොලී අනුපාතය 12%
- ගෘහ ඒකක යටිතල පහසුකම් ණය - පොලී අනුපාතය 14%
- ජීවනෝපාය චක්‍රීය ණය - පොලී අනුපාතය 12%
- හදිසි ව්‍යාපාරික ණය - පොලී අනුපාතය 12%
- ආපදා ණය - පොලී අනුපාතය 12%
- ස්වශක්ති ණය
- යොවුන් දිරිය ණය
- ජීවනෝපාය චක්‍රීය අරමුදල් ණය - පොලී අනුපාතය 12%
ජීවනෝපාය සංවර්ධන ණය - පොලී අනුපාතය 12%
- ණය ආපසු ගෙවීමේ කාලය උපරිම වර්ෂ 05කි.
- ණය මුදල අවමය රු. 5,000 සිට උපරිමය රු. ලක්ෂ 05ක් දක්වා ලබා ගත හැක.
- ණය මුදල රු. ලක්ෂය ඉක්මවයි නම් රාජ්‍ය සේවක ඇප ඉදිරිපත් කළ යුතුය.
ගෘහ ඒකක යටිතල පහසුකම් ණය / නිවාස ණය - පොලී අනුපාතය 14%
- ණය මුදල අවමය රු. 5,000 උපරිමය ලක්ෂ 3 දක්වා වේ.
- වැසිකිළි සඳහා රු. 25,000ක් ද, ජල සබඳතාවය සඳහා රු. 40,000ක උපරිමයක් යටතේ මෙම ණය ලබා දේ.
ජීවනෝපාය චක්‍රීය ණය / ස්වයං රැකියා ණය - පොලී අනුපාතය 12%
- මෙම ණය ස්වයං රැකියා හෝ කුඩා ව්‍යාපාර සඳහා ලබාදේ.
- ණය මුදල අවමය රු. 50,000ක් ද උපරිමය රු. 75,000 ක් දක්වා ද ලබාදේ.
හදිසි ව්‍යාපාරික ණය - පොලී අනුපාතය 12%
- පාරිභෝගික ණය ලෙස ද හඳුන්වයි.
- ණය ආපසු ගෙවීමේ කාලසීමාව මාස 24කි.
- මෙය වරප්‍රසාද ණයක් වන අතර උපරිමය රු. 15,000ක් වේ.
ස්වශක්ති ණය
- තැන්පතු මුදලින් 90%ක් දක්වා මෙම ණය ලබාදේ.
- 5% ක පොළියක් යටතේ මෙම ණය ලබාදේ.
ජීවනෝපාය චක්‍රීය අරමුදල් ණය - පොලී අනුපාතය 12%
- උපරිම වසර 06ක් තුළ වාරික 72කින් ගෙවිය යුතුය.
- ණය ගෙවීම අතපසු වූ විට උපරිම සහන කාලය මාස 04 කි.
- රු.1,000,000 ක් දක්වා උපරිමයකට යටත්ව ණය ලබාදේ.
හීනවන ශේෂය මත පොලිය ගණනය කරන බැවින් නිසි අයුරින් වාරික ගෙවීමේ දී පොලී සහනයක් හිමිවනු ඇත.
ණයක් ලබාගැනීමට ඔබට තිබිය යුතු සුදුසුකම්
- බැංකු සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම.
- කුඩා කණ්ඩායම් සාමාජිකත්වය ලබාගැනීම.
ණය මුදලක් ලබාගැනීමට ඉදිරිපත් කළයුතු සුරැකුම්
- ණය මුදල රු. ලක්ෂයට අඩුනම් කණ්ඩායම් සාමාජිකයන්ගේ ඇපය.
- ණය මුදල රු. ලක්ෂයට වැඩිනම් රාජ්‍ය සේවක ඇපය හෝ දේපල ඇප.
ණයක් ලබාදීමට ගතවන කාල සීමාව
- ණය අයදුම්පත්‍රය නිසිලෙස සම්පූර්ණ වී ඇත්නම් සති 02ක් ඇතුළත ණය මුදල් ලබාදිය හැක.
සමෘද්ධි අංශයෙන් ඉටුවන අනෙකුත් කාර්යයන්
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්
- සමාජ සංවර්ධන වැඩසටහන
- සාරධර්ම වැඩසටහන
- මත් නිවාරණ වැඩසටහන
- දිරිය පියස නිවාස වැඩසටහන
- ව්‍යාපෘති වැඩසටහන් හා පසුවිපරම්
- ආදායම් උත්පාදන වැඩසටහන්
- ස්වයං රැකියා පුහුණු වැඩසටහන්
- සමෘද්ධි සංවර්ධන කටයුතු
- ණය සංරක්ෂණ කටයුතු
- ආදර්ශ ගම්මාන වැඩසටහන
- සියලු බැංකු සංගම් අධීක්ෂණය හා අභ්‍යන්තර කටයුතු
- බැංකු සංගම් අරමුදල් ආයෝජන කටයුතු
- විමර්ශන කටයුතු
- සමෘද්ධි ඉසුරු ණය යෝජනා ක්‍රමය
ඔබගේ ගැටලු සඳහා විමසීමට ඔබ වෙනුවෙන් විවෘත වී ඇති දුරකතන
- සමෘද්ධි මූලස්ථානය (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය) 091 2255384
- අම්බලන්ගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය 091 2256243
- අම්බලන්ගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකුව 091 2254277
- මීටියාගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකුව 091 2261033
- බටපොල සමෘද්ධි ප්‍රජාමූල බැංකුව 091 2260057
අපගේ ව්‍යාපෘති
ප්‍රජාමූල සමෘද්ධි බැංකු හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරාම සමෘද්ධි ප්‍රතිලාභී පවුල් හා අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් පහත ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. එනම්,
(i). කෘෂි
(ii). අලෙවි හා සේවා
(iii). ධීවර හා සත්ත්ව පාලන
(iv). කර්මානත
ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ ක්‍රියාත්මක වන සහාය සේවා
- ජලජීවී දෙපාර්තමේන්තුව
- ගොවිජන සේවා මධ්‍යස්ථානය
- ශ්‍රී ලංකා මහ බැංකුව
- පශු වෛද්‍ය කාර්යාලය
- ධීවර අමාත්‍යාංශය හෝ සාගර විශ්ව විද්‍යාලය
සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ක්‍රියාත්මක වැඩසටහන්
(01). ජීවනෝපාය සංවර්ධන වැඩසටහන
කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා මෙම වැඩසටහන ඔස්සේ ලබාදේ.
(02). භාණ්ඩාගාර සෘජු ප්‍රතිපාදන
ඉහත ප්‍රතිපාදන යටතේ තෝරාගත් සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ආදායම ඉහළ නැංවීමට ස්වයං රැකියා වල යෙදෙන ප්‍රතිලාභීන් වෙනුවෙන් ප්‍රාග්ධන භාණ්ඩ ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් 50%ක මුදලක් යොදවා අදාල භාණ්ඩ ලබාදීමට කටයුතු කරනු ලබයි.
(03). සමාජ සංවර්ධන වැඩසටහන
- දිරිය පියස නිවාස වැඩසටහන
- මත්විරෝධී වැඩසටහන්
- කැකුළු ළමා සමාජ වැඩසටහන්
- සමෘද්ධි හරිත උයන වැඩසටහන්
- කාන්තා සවිබලකරණ හා සුබසාධන වැඩසටහන්
සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අවධානයට
- මියගිය අයෙකුගේ බැංකු ගිණුම් වලින් මුදල් නිදහස් කිරීම
පහත සඳහන් ලියකියවිලි සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළයුතුය.
- තොරතුරු නිවැරදි බවට ප්‍රාදේශයේ ග්‍රාම නිලධාරී විසින් කරන ලද සහතිකය
- අදාල බැංකු පොත
- ඥාතීත්වය තහවුරු කිරීම සඳහා වූ ලේඛණ
- මියගිය අයගේ මරණ සහතිකය
- ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත
- රු.25000/= ට අඩු මුදල් නිකුත් කිරීම් බැංකු සංගම් මගින් කලහැක.(ලංකා බැංකු ඉතුරුම්)
මෙම අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය අවශ්‍යය නම් ලබාදෙනු ලැබේ.
- සමෘද්ධි දීමනා පතක් වෙනත් කොට්ඨාසයකට මාරු කිරීම
සහනාධාරලාභියාගේ ඉල්ලීම් ලිපිය
- දැනට පදිංචිය සනාථ කිරීම සඳහා වසමේ ග්‍රාම නිලධාරියාගේ ලිපිය
- වසමේ ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් පදිංචිය හැරගිය බවට ලිපිය
- වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීගෙන් එම කොට්ඨාසයේ සහනාධාර නොලබන බවට සනාථ කරන ලිපිය
ඉහත ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාරදීමෙන් පසු එම සේවාවන් සපයාගත හැක.
- සමෘද්ධි සමාජ ආරක්ෂණ හිමිකම් ගෙවීම
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාජ ආරක්ෂණ අරමුදලට දායක මුදල් ගෙවන පහත සඳහන් දීමනාපත් හිමි සමෘද්ධිලාභීන්ට මෙහි හිමිකම ඇත.
- රු. 420/=
- රු. 1500/=
- රු. 2500/=
- රු. 3500/=
හිමිකම් ගෙවන අවස්ථා
- දරු උපතක දී -පළමු දරු උපතට රු. 5000/=
-දෙවන දරු උපතට රු. 2500/=
- විවාහයකදී -ප්‍රතිලාභියා සඳහා රු. 7500/=
- මරණයක දී -රු. 15000/=
- රෝහල්ගත වූ විට -දිනකට රු. 250/= බැඟින් වසරකට දින 30
- උසස් අධ්‍යාපන
අදාල කරුණ සිදු වී සති දෙකක් ඇතුළත වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් අදාල අයදුම්පත්‍රය පුරවා කලාප කලමණාකරු මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදිය යුතුය.
- උපතක දී
- ප්‍රතිලාභ ලබාගත හැකි වන්නේ සමෘද්ධි ප්‍රතිලාභියාගේ භාර්යාවට ලැබෙන දරුවන් සඳහා පමණි. ප්‍රතිලාභියා කාන්තාවක් නම් ඇයට ද එම හිමිකම ඇත.
- සජීවී දරු උපතක් විය යුතුය.
- නිවුන් දරු උපත් වලදී ගෙවනු ලබන්නේ එක් දරු උපතක් වෙනුවෙනි.
ගෙවීම් ලබාගැනීමට ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය ( මෙය සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කලමණාකරැ සහතික කර තිබිය යුතුය.)
- නියමිත මුද්දර ගසා සම්පූර්ණ කරන ලද පොදු 35 වවුචරය
- ඥාති බව තහවුරු වන ලියවිල්ලක්
- උප්පැන්න සහතිකය ( උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ නොහැකි නම් බිළිඳෙකු බිහි වූ බවට රෝහලෙන් නිකුත් කරන වෛද්‍යවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිත සහතිකය අවශ්‍ය වේ)
- සමෘද්ධි ප්‍රතිලාභියා මව නොවන විට විවාහ සහතිකය අවශ්‍ය වේ. සිරිත් විවාහයක් නම් ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය ඉදිරිපත් කළයුතුය.
- අයඳුම්පත්‍රය ( මෙය සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කලමණාකරු සහතික කර තිබිය යුතුය)
- විවාහයකදී
- සමෘද්ධි පවුල් දෙකක් අතර ඇතිවන විවාහයක දී පවුල් දෙකටම ප්‍රතිලාභ ගෙවිය හැක.
- සමෘද්ධි ප්‍රතිලාභියා හෝ ඔහුගේ දරුවෙකුගේ විවාහයකට පමණක් ගෙවීම් හිමිවේ.
- ජීවිත කාලයට ම දෙවතාවක් ප්‍රතිලාභ ලබාගත හැක.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය (මෙය සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කලමණාකරු සහතික කර තිබිය යුතුය.)
- අයදුම්පත (මෙය සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කලමණාකරු සහතික කර තිබිය යුතුය.)
- නියමිත මුද්දර ගසා සම්පූර්ණ කරන ලද පොදු 35 වවුචරය
- විවාහ සහතිකය හා ප්‍රතිලාභියාගේ ඥාති සම්බන්ධතාවය තහවුරු කිරීම සඳහා නීතිමය ලියවිල්ලක්
3. මරණයක දී
- සමෘද්ධි ප්‍රතිලාභියා හා ප්‍රතිලාභියාගේ බිරිඳ, ඔහුගේ පවුලේ අවිවාහක දරුවන්, ප්‍රතිලාභියාගේ මව හා පියාගේ මරණයන් සඳහා පමණක් ගෙවීම් කරනු ලබයි.
- වසරක දී මරණ එකක් සඳහා පමණක් ගෙවනු ලබයි.
- කුඩා දරුවෙකු නම් ඉපදී මසකට වැඩි කාලයක් ජීවත් වී මරණයට පත් වූ විට හිමිකම් ගෙවිය හැක.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය (මෙය සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කලමණාකරු සහතික කර තිබිය යුතුය.)
- අයදුම්පත (මෙය සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කලමණාකරු සහතික කර තිබිය යුතුය.)
- නියමිත මුද්දර ගසා සම්පූර්ණ කරන ලද පොදු 35 වවුචරය
- මරණ සහතිකය
- මරණ සහතිකය ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවක දී පමණක් ග්‍රාම නිලධාරී සහතිකය හා ප්‍රාදේශීය ලේකම්ගේ පෞද්ගලික සහතිකය නිල මුද්‍රාව සහිතව ලබාදිය යුතුය.( මරණ සහතිකය පසුව ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත)
- ප්‍රතිලාභියාගේ බිරිඳ හෝ අවිවාහක දරුවෙකු, මව හා පියා මියගිය විට දී ප්‍රතිලාභියාට ඇති ඥාතීත්වය තහවුරැ කිරීමට අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කළයුතුය.
- රෝගී වූ විටක දී
- හිමිකම් කලත්‍රයාට හා ප්‍රතිලාභියාට පමණක් සීමා වේ.
- රෝහලට ඇතුල් වූ දින හා පිට වූ දින දෙකම ඇතුළත් ව ගෙවීම් කිරීමට ගණන් ගන්නා දින ගණන වසරකට උපරිම දින 30ක් වේ.
- රජයේ රෝහලක හෝ ආයුර්වේද රෝහලක නේවාසිකව දින 07කට වැඩි කාලයක් ප්‍රතිකාර ලබාගත යුතුය. ( ප්‍රතිලාභියා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියහොත් ගෙවිය හැක්කේ මරණය සඳහා පමණි)
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය (මෙය සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කලමණාකරු සහතික කර තිබිය යුතුය.)
- අයදුම්පත (මෙය සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කලමණාකරු සහතික කර තිබිය යුතුය.)
- නියමිත මුද්දර ගසා සම්පූර්ණ කරන ලද පොදු 35 වවුචරය
- රෝගියා කලත්‍රයා නම් ඥාතීන් බවට තහවුරු කරන ලියවිල්ලක්
- වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව සහිත අත්සන් කරන ලද රෝගියා පිළිබඳ වෛද්‍ය සහතිකය ( ඇතුළත් වූ දිනය හා පිට වූ දිනය සඳහන් ව තිබිය යුතුය)
සමෘද්ධි අනීවාර්ය ඉතිරිකිරීමේ ගිණුම් වලින් මුදල් ලබාගැනීම
- 1995 වර්ෂයේ සමෘද්ධි වැඩසටහනේ ආරම්භයත් සමඟ සමෘද්ධි ප්‍රතිලාභ හිමි පුද්ගලයින් සඳහා අනීවාර්ය ඉතුරුම් නමින් මාසිකව රු. 100ක මුදලක් ගිණුම්ගත කිරීමේ කටයුත්ත ඇරඹුණි. අඩු ආදායම්ලාභී පුද්ගලයින් ඉතිරිකිරීමේ ක්‍රමයකට හුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. සමෘද්ධි ප්‍රතිලාභින් නමින් සමෘද්ධි බැංකු ශාඛාවල පවත්වාගෙන යන මෙම ගිණුම් වලින් පහත කරුණුවලට අදාලව මුදල් ආපසු ලබාගත හැක.
- රෝගී තත්ත්වයන්
- උසස් අධ්‍යාපනය
- වයස්ගතභාවය
- ආදායම් උත්පාදන ව්‍යාපාර
ඉහතින් සඳහන් කරුණු උදෙසා පහත ලියකියවිලි සම්පූර්ණ කළයුතුය.
රෝගී තත්ත්වයන් සඳහා
- ප්‍රතිලාභියාගේ ඉල්ලීම් ලිපිය
- සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ නිර්දේශිත ලිපිය ( කලාප කළමනාකරු සහතික කර තිබිය යුතුය )
- රජයේ රෝහලක වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන ලද රබර් මුද්‍රාව සහිත පිළිගතහැකි වෛද්‍ය සහතිකයක්
- රෝග නිශ්චය කාඩ්පත සහ ඖෂධ ලබාගත් මුදල් කුවිතාන්සිය
- කාච හෝ ඇස් කණ්නාඩි මිලදී ගන්නේ නම් මිල ගණන්
- දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබන්නේ නම් අදාල සායන වාර්තාවල පිටපත්
උසස් අධ්‍යාපන කටයුතු සඳහා
- ප්‍රතිලාභියාගේ ඉල්ලීම් ලිපිය
- සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ නිර්දේශිත ලිපිය ( කලාප කළමනාකරු සහතික කර තිබිය යුතුය )
- විශ්ව විද්‍යාලයට හෝ උසස් අධ්‍යාපන ආයතනයට තෝරා ගෙන ඇති බවට නිකුත් කරන ලද ලිපියේ ජායා පිටපතක් ( ජායා පිටපත සත්‍ය එකක් බව කළමනාකරු හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරී සහතික කර තිබිය යුතුය)
- අදාල ආයතනයෙන් නිකුත් කරන ලද හැඳුනුම්පතේ ජායා පිටපතක් ( ජායා පිටපත සත්‍ය එකක් බව කළමනාකරු හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරී සහතික කර තිබිය යුතුය)
වයස්ගතභාවය
- ප්‍රතිලාභියාගේ ඉල්ලීම් ලිපිය
- සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ නිර්දේශිත ලිපිය ( කලාප කළමනාකරු සහතික කර තිබිය යුතුය )
- හැඳුනුම්පතේ හෝ උප්පැන්න සහතිකයේ ජායා පිටපතක් ( ජායා පිටපත සත්‍ය එකක් බව කළමනාකරු හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරී සහතික කර තිබිය යුතුය)
ආදායම් උත්පාදන ව්‍යාපාර
- ප්‍රතිලාභියාගේ ඉල්ලීම් ලිපිය
- සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ නිර්දේශිත ලිපිය ( කලාප කළමනාකරු සහතික කර තිබිය යුතුය )















